අගමැති මහින්ද “රාජකීය වෛද්‍යවරයා” වෙනුවෙන් ශෝකය පළකරයි
හිටපු ජනපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කල ඒලියන්ත වයිට් මහතාගේ අභාවය පිලිබදව අගමැතිවරයා ශෝක පණිවිඩයක් නිකුත්කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරණ සමයේ ඒ මහතාගේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සේවය කළේ ඒලියන්ත වයිට් මහතා වන අතර ඒ දිනවල ඔහු මාධ්‍ය තුළ හැඳින්වුණේ “රාජකීය වෛද්‍යවරයා” යනුවෙනි.
ඒලියන්ත වයිට් මහතාගේ වෛද්‍ය ක්‍රමය ඒ මහතා විසින්ම හඳුන්වා තිබුණේ කුණ්ඩලීනී ශක්තිය සහ විශ්ව ශක්තිය භාවිතා කරමින් ලෙඩ සුවකිරීමේ ගුප්ත විද්‍යාත්මක ක්‍රමයක් වශයෙනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිනුමේ පවසා තිබුණේ, “වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය පිළිබඳ දැනගත් මම බෙහෙවින් කනගාටුවට පත්වූයෙමි. මම කලක් ඉතා ම සමීපව ඇසුරු කළ වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බව කෘතවේදීව සිහිපත් කරමි. ඔහුගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.” යනුවෙනි.
අග්‍රාමාත්‍යවරයා විසින් තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,
