ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

ලෝකයේ මේ වසරේ ආරක්ෂිතම නගරය ඩෙන්මාර්කයේ කෝපන්හේගන්

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය ලෙස ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය නම් කර ඇත.ආරක්ෂිත නගර දර්ශකය මගින් ජාත්‍යන්තර නගර 60 ක් වර්ගීකරණය ලක්කිරීම තුළින් ලෝකයේ ආරක්ෂිතම නගරය ලෙස ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය තෝරා පත්කර ගෙන තිබෙනවා.

ඒ පෞද්ගලික ආරක්ෂාව,  සෞඛ්‍යාරක්ෂාව, පාරිසරික ආරක්ෂාව,  යටිතල පහසුකම් සහ ඩිජිටල් ආරක්ෂාව යන සාධක පදනම් කර ගනිමිනි. දර්ශකයට අනුව එම ලැයිස්තුවේ පළමු ස්ථානය අවස්ථා කිහිපයකදී ආසියානු කලාපයේ රටක් වන සිංගප්පුරුවට මෙන්ම ජපානයේ ටෝකියෝ සහ ඕසකා නගරවලට ද  හිමිවී ඇත.