ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

ඉන්දීය පිලේ පාන්ඩ්‍යාට කොවිඩ් – දෙවන විස්සයි විස්ස තරඟය කල්යයි

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යා හට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන පන්දුවාර 20 තරඟය හෙටට (28) කල් දමා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පවසා සිටියේ, දැනට පවතින තත්ත්වය අනුව, හෙට (28) දින තරගය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

මේ වන විට ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැඳි ලබා ගැනීම සිදු කෙරෙන බවත්, ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පෙරේදා (26) තරගයේදී එකිනෙකා මුණගැසුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම යම් අවදානමක සිටීදැයි කළ විමසීමට පිළිතුරු වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ, මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ඇන්ටිබොඩි සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර ඒවායේ ප්‍රතිඵල ධනාත්මක බවයි.

යම් හෙයකින් අද (27) PCR පරීක්ෂණවලදී ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් හට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත්, හෙට තරගය පැවැත්වීම පිළිබඳව නැවත සලකා බැලීමට සිදුවන බව, ඔහු වැඩිදුරටත් කියා සිටියා.