කිලෝ ග්‍රෑම් 510ක් බර ලෝකයේ විශාලතම ‘ආර්නූල්‘ මැණික ලංකාවෙන් හමුවෙයි
ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය, කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.
එම මැණික් පාෂාණය නිවෙසක් පිටුපස ළිඳක් හාරන විට අහම්බෙන් හමුවී ඇති බව සඳහන් ය.
“ක්‍රිස්ටල් සහ කොරෝන්දම්” මිශ්‍රවීමෙන් එම පාෂාණය නිර්මාණය වී ඇති බව මැණික් ගල් පිළිබඳ ප්‍රවීනයෙක් පැවසීය.
ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇතැයි අනුමාන කෙරේ. එහි බර කිලෝ ග්‍රෑම් 510ක් වේ.