ගොවියෝ පොහොර ඉල්ලා සටනක් කරනකොට හිරගෙවල් වලට දක්කන නීතියක්ද දැන් රටේ තියෙන්නෙ.? – සමන්ත විද්‍යාරත්න (වීඩියෝ)
එක රටක් එක නීතියක් කියා බලයට පැමිණි අණ්ඩුව දැන් කරන්නෙ ගොවීන් පොහොර ඉල්ලා උද්ඝෙෘ්ෂණය කරනකොට හිරගෙවල් වලට දක්කන එකදැයි හිටපු පලාත් සභා මන්ත්‍රී සමන්ත විදයාරත්න මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරයි. තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව උත්සාහ කිරිම සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි.
රට තුල ගොවීන් විශාල ප්‍රමාණයකට තම වගාවන් සදහා පොහොර ඉල්ලා උද්ඝෝෂණ වල නිරතවන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ලෙස තමන් ඊට නායකත්වය ලබාදෙන බවත් පොහොර ඉල්ලන ගොවීන් අත්අඩංගුවට ගන්නවානම් මේ රටේ හිරගෙවල් මදිවේ යැයි ඔහු පවසයි.
ඒ වගේම ඉදිරියේදි තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ගොවියා පොහොර ඉල්ලා සටනක් කරනකොට එම ගොවීන් හිරේ දැම්මද තවත් දහස් ගණනක් ගොවීන් මෙම සටන සදහා සුදානම් බවද සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදි ප්‍රකාශ කරන ලදි.