ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රටේම අවුල් ජාලයක් වු එන්නත්කරණ වැඩසටහනට, කඩවත්සතර ප්‍රාදේශිය ලේකම්තුමිය දේශපාලන බලපෑම්, පෝළිම් වලින් තොර අලුත් අද්දැකීමක් එක්කරයි

මේ දිනවල ශ්‍රී ලංකා වේ විවිධ ප්‍රදේශවල කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වේ. බොහෝ ස්ථානවල ගැටලු මතුවේ. ජනතාව විශාල වශයෙන් පෝළිම්වල පැය ගණන් රස්තියාදු වෙති.

ඇතැම් ස්ථානවල දේශපාලන මැදිහත්වීම් ද සිදුවේ. ඊට ආසන්න ම සිදුවීම පසුගිය දා මොරටුව ප්‍රදේශයෙන් වාර්තා විය.ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රාෙද්ශිය දේශපාලනඥයින් විසින් තුන්ඩු කෑල්ලට එන්නත්කරණ වැඩපිලිවෙල යටකරන අයුරු මේ දිනවල හැම තැනකදීම පාහේ දැකගත හැකි සුලබ දසුනකි.

මොරටුව පමණක් නොව, කුරුණෑගල, ගාල්ල, මාතර ඇතුළු බොහෝ තැන්වල අද්දැකීම එයම විය.

මේ අතර ශ්‍රී ලංකා වේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නව අත්දැකීමක් සහ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමත්වී තිබේ. එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකරනු ලබන්නේ ඔන්ලයින් ක්‍රමවේදයකට අනුවය.

එම එන්නත්කරණ වැඩසටන ගැන අදහස් දැක්වූ කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය,

“මේ එන්නත්කරණය ගැන ආරංචි වූ වහාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අපි මේ සඳහා පරිගණක සිස්ටම් එකක් නිර්මාණය කළා. ඒ අනුව ප්‍රදේශවාසීන් දැනුවත් කළා ඔන්ලයින් ඔස්සේ ඒ සඳහා රෙජිස්ටර් වන ලෙසට. ඒ වාගේම තමයි ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නට බැරි අය සඳහා අයඳුම්පත්‍රයන් නිවාස වෙත යවනු ලැබුවා. ඉතින් ඒ අනුව ලියාපදිංචි කරගත් සියලු අය සඳහා කෙටි පණිවිඩයක් හරහා දිනය හා වේලාව ඔවුන්ට දැනුවත් කළා. ඒවාගේම ඔවුන්ගේ හැඳුනුම්පත් අංකය කෙටි පණිවුඩයට යෙදුවා. ඒ අනුව එම කෙටි පණිවුඩය පෙන්නලා මෙතනින් ඇතුළු වෙන්නට පුළුවන්. ඒ කෙටි පණිවුඩයේ තිබෙන වේලාවට කලින් එන අය කිසිවෙක් අපි කලින් ඇතුළු කර ගන්නේ නැහැ. ඉතින් ඒ නිසා නියමිත වෙලාවට වාගේම මේ කටයුතු ඉතාමත් ඉක්මනින් කාර්යක්ෂමව ඉටුකිරීමට පුළුවන් වුණා. “

එන්නත ලබාගත් ජනතාව කියා සිටියේ තමන් ඔන්ලන් රෙජිස්ටර් වූ බවත් කෙටි පණිවිඩයේ සඳහන් කර තිබූ වේලාවට පැමිණ පෝළිමේ නොසිට එන්නත්කරණය සිදුකර ගත් බවත්ය.

මෙහිදී සදහන් කල යුතු වැදගත්ම කරුණක් වන්නෙ කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය පසුගිය වසරේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පැවැත්වූ සුපිළිපන් රාජ්‍ය නිලධාරියා තේරීමේ දී හොඳම රාජ්‍ය නිලධාරීන් 05 දෙනා අතරින් වැඩිම මහජන ප්‍රසාදයක් දිනාගත් සුපිළිපන් රාජ්‍ය නිලධාරී සම්මානය දිනාගත් බවයි.

වරදාන වරප්‍රසාදවලට යටත් නොවී දේශපාලන බලපෑම්වලටත් නතු නොවී ජනතාව වෙනුවෙන් උපරිම සේවය කිරීමට නිරන්තරව කැපවී සිටීම හේතුවෙන් ඇයට මෙම සුපිළිපන් රාජ්‍ය නිලධාරියා සම්මානය උරුම විය. රටේ සෑම තැනකම එන්නත්කරණය අවුල් ජාලාවක් වනවිට කඩවත්සතර ප්‍රාදේශිය ලේකම්වරිය ලෙස ඇය අද දවසේද එම සමිමානයේ ගෞරවය රැකීමට සම්ත්වී ඇත.