ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මෙම පරිසර විනාශය පරම්පරා ගණනකට බලපානවා – සාගර විද්‍යාඥ චරිත පට්ටිආරච්චි

කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්වූ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කොටස් නිසා ඇතිව පාරිසරික බලපෑම වයඹ මුහුදු තීරයේ මෙන්ම දකුණු මුහුදු තීරය හා ත්‍රිකුණාමලය දක්වාමත් ව්‍යාප්ත විය හැකි බව බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ චරිත පට්ටිආරච්චි මහතා  පවසයි. 

“මෙම නෞකාවේ ප්ලාස්ටික අමුද්‍රව්‍ය කැබලි ආසන්න වශයෙන් මිලියන 78ක් තිබුණා. සමහර ඒවා අපට ඉවත් කළ හැකියි, නමුත් සමහර ඒවා දිගුකාලීනව රඳා පවතීවි. ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ සෝමාලියාව වැනි රටවලටත් මේ දේවල් පාවී යා හැකියි. ඒවගේම අපේ රටේ දකුණු වෙරළ තීරයටත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයටත් මෙහි බලපෑම් ඇතිවිය හැකියි. කළපු සහ ගංගාවලටත් මෙය මිශ්‍ර විය හැකියි. මෙහි බලපෑම පරම්පරා ගණනාවකට මුහුණ දීමට සිදුවේවි. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතිශය නරකම පරිසර ව්‍යසනයක් මේ සිදුවෙලා තිබෙන්නෙ. මෙම නැවේ තෙල් මෙට්‍රික් ටොන් 300ක් තිබෙනවා. එනිසා නැව ගිලෙන එක නැවැත්විය යුතුයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.  

බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ චරිත පට්ටිආරච්චි මහතා  මේ බව පැවසුවේ ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

(LNW)