ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඊශ්‍රායල් ජාවාරම්කරුවන් සමග රතන හිමි කාබනික පොහොර ජාවාරමක – ආණ්ඩුව ඇතුලෙන්ම විවේචනයක්

ඊශ්‍රායල් ජාවාරම්කරුවන් දෙදෙනෙක් දැනටමත් කාබනික පොහොර මෙරටට ආයනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන්ව පොළඹවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ආණ්යඩුවේ ඇමතිවරයෙකු වන විමල් වීරවංශ මහතාට සම්බන්ධ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසන්ත බණ්ඩාර මහතා පවසයි. 

“ජනාධිපති මාධ්‍යය අංශය පවසන පරිදි ජනාධිපති තුමා විසින් රට තුළ යම් විදියකින් කාබනික පොහොර නිපදවා ගැනීමට හැකියාවක් නොමැති නම් ගුණාත්මක කාබනික පොහොර ආනයනයට ඉඩ දීමට කටයුතු කිරීමට සූදානම් . ජනාධිපති තුමා යම් විදියකින් මෙසේ කාබනික පොහොර ආනයනයට අවසරදුනහොත් එමගින් එතුමා සද්භාවයෙන් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට උත්සහා ගත්තාය යන්න අහෝසි වී යනවා. දැනටමත් ඊශ්‍රායල ජාවාරම්කරුවන් දෙදෙනෙක් පූජ්‍යය අතුරලියේ රතන හිමියන් කාබනික පොහොර ආනයනය සඳහා පොළොඹවා ගැනීමට කටයුතු කරන බවට ප්‍රවෘත්ති පලවෙනවා. කාබනික ජෛව පොහොර, කාබනික පෝෂක දියර හෝ කාබනික කොම්පොස්ට් පොහොර යන ඕනෑම කාබනික පොහොර වර්ගයක් ශ්‍රී ලංකාවේ නිපදවා ගත හැකි හෙයින් ජනාධිපති තුමා විසින් පොහොර ආනයනයකරුවන්ට ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර දීම නිවැරැදි කළ නොහැකි බලවත් වරදක්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කර ඇත්තේ. 

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇමති විමල් වීරවංශට අයත් ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් මේ බව ප්‍රකාශකර තිබුණි.