ජොන්ස්ටන් තවත් නඩුවකින් නිදොස් කොට නිදහස් !
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකින් අමාත්‍යවරයා ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් පිරිසක් දේශපාලන ක්‍රියාකාරකම්ව යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.
මෙම චෝදනාවට අදාලව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුවෙන්ද පසුගිය ජනවාරි මාසයේදී ඇමතිවරයා ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කෙරිණි.