ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජොන්ස්ටන් වදින්නේ ගස්වලට නෙමෙයි අරක්කු සමාගම්වලට (VIDEO)

රාජපක්ෂ වරුන්ව අගය කරමින්, ප්‍රශස්ති ගී ගයමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සැරසෙන්නේ තමන්ගේ මත්පැන් නිශ්පාදනාගාරය විවෘත කරගැනීමට බව පාහියංගල ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙයි.

වයඹ ඩිස්ටිලරීස් (පුද්ගලික) සමාගම 2011.11.30 වන විට හතලිස්කෝටි හැටතුන්ලක්ෂ විසිදෙදහසක බදු ගෙවීම් පැහැරහැරීමක් සිදු කොට ඇති බවත් ගෙවිය යුතු හිඟ මුදල් සමාන වාරික ලෙස ගෙවීම් සඳහා ගිවිසුම්ගත වී සමාගම විවෘත කිරීමට හැදුවත් ජනතා විරෝධය මැද එය සිදුකරගැනීමට නොහැකි වූ බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

“දැන් මේකෙ නම නෝත් වෙස්ටර්න් ඩිස්ටිලරීස් (පුද්ගලික) සමාගම කියලා වෙනස් කරලා ඒ අරක්කු සමාගමම වෙන විදිහකට එන්න හදනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තය රාජපක්ෂ වරුන්ට ප්‍රශස්ති ගායනා කරන්නේ තමන්ගේ අරක්කු සමාගම ඇර ගන්න. ඒ අරමුණ අනුව තමයි මේ කටයුතු කරන්නේ.” යැයි උන්වහන්සේ පවසයි.