සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස් ලියාපදිංචි කිරීම ගැන කියවුණේ මගේ වචනේ වැරදිලා – ඇමැති කෙහෙළිය
රජයේ අවධානය යොමුව ඇත්තේ වාණිජ පරමාර්ථයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස් ලියාපදිංචි කිරීම වෙනුවෙන් පමණක් බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.තමාගෙන් කියැවුණු ප්‍රකාශයක් වැරැදි ලෙස අර්ථකථනය වීම හේතුවෙන් සමාජ මාධ්‍ය භාවිත කරන සියලුදෙනා රජය ලියාපදිංචි කිරීමට සූදානම් වන බවට පුවතක් ප්‍රචාරය වී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
‘සමාජ මාධ්‍ය’ පරිශීලනය කරන සියලුම පිරිස් ලියාපදිංචි කිරීම ප්‍රායෝගිකව කරන්න බැහැනේ. සෝෂල් මීඩියා (සමාජ මාධ්‍ය) කියන වචනේ මගෙන් කියවුණා. නමුත් ඒක ප්‍රායෝගිකව කරන්න බැහැනේ. වාණිජ පරමාර්ථයෙන් සමාජ මාධ්‍ය සමග වැඩ කරන අය අපෙන් ඉල්ලීමක් කරල තියෙනවා ඔවුන් ලියාපදිංචි කරන්න කියලා’’
සිය පූර්ව ප්‍රකාශය පැහැදිලි කරමින් ජනමාධ්‍ය ඇමැතිවරයා ඊයේ (21 වැනිදා) නිවේදනයක්ද නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබිණි.