කාලී අම්මාගේ බලපෑමෙන් ගමේ පන්සලේ කුඩා සාමනේර හිමිවරු සිවුරු හැරගිහින්..! නෙත් එෆ්.එම් බැලුම්ගලින් හෙළිදරව් කල පැණි කපුවාගේ පැටිකිරිය මෙන්න.
කාලි අම්මාගෙ වරමකින් කොරෝනා රෝගය සුවකල හැකි ඹෟෂධයක් නිපදවුවා යැයි පසුගිය දිනවල රටේ මැති ඇමතිවරුන්ගේ සිට සැලකියයුතු ජනතාවක් ඇන්දවු කෑගල්ල අලපලාවල උඩුමාගම කාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර පුද්ගලයා හෙට්ටිමුල්ල ශ්‍රී ධර්මඥාණ පිරිවනේ කුඩා සාමනේර හිමිවරු බයකරමින් එම කුඩා සාමනේර හිමිවරුන්ට සිවුරු හැරයාමට සැලැස්වීම සිදුකර ඇති බව වාර්තාවේ.
මෙ බව හෙළිදරව් වන්නේ මීට වසර දෙකකට පෙර නෙත් එෆ්.එම් බැලුම්ගල තුලින් ප්‍රචාරය වු වැඩසටහනකිනි.
මෙම පුද්ගලයා විසින් මෙම හෙට්ටිමුල්ල ශ්‍රී ධර්මඥාණ පිරිවනේ ඉඩම් පැහැරගැනීම සදහා මෙම කපුවා විසින් මෙම ක්‍රියාවන් සිදුකරන බව ගම්වාසීන් මෙහිදී සදහන් කරයි.
මෙම කපුවාගේ බලපෑම මත මේ වනවිට සාමණේර භික්ෂුන් වහන්සේලා විසිගණනක් සාසනය හැරගොස් ඇති බවද අනාවරණයවේ.
මෙම වැඩසටහන තුලින් මෙම කපුවාගේ සියලු පැටිකිරිය හෙලිදරව්කර තිබේ. මෙසේ මාධ්‍ය හරහා අනාවරණය කර තිබියදීත් පසුගිය දිනවල ආණ්ඩුවේ අනුග්‍රහය සහිතව හා රජයට හිතවත් මාධ්‍ය හරහා මෙම පුද්ගලයා නිපදවුවා යැයි කියන පැණියට මහත් ප්‍රසිද්ධියක් ලබා දෙන ලදි.
පසුගියදා අනුරාධපුර අටමස්ථානයට ගිය මෙම කපුවා අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේටද තර්ජනය කරන ලදි.
නෙත් එෆ්.එම්. “බැලුම්ගල” වැඩසටහනින් 2013 මාර්තු මාසයේ ප්‍රචාරය වූ ධනපාල කපුවාගේ පැටිකිරිය මෙන්න.
බැලුම්ගල – පැණි කපුවාගේ පැටිකිරිය
(මේ හඬ පටයේ ධනපාල කපුවාගේ සහ අගතියට පත් පන්සලේ හාමුදුරුවන් ඇතුළු ගම්මුන්ගේ කතා ඇතුළත්ය.)