ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

ආණ්ඩුව කඩිමුඩියේ ගජමිතුරන්ට ගැසට් මගින් දොලපිදේනි දෙයි..! සීනි ආනයනයෙන් අයුතු වාසී ලැබු ‘පිරමීඩ් විල්මා සමාගමට‘ පොල්තෙල් සදහාත් බදු සහන..!

පසුගිය ජූනි 16, ජූනි 26 සහ ජූලි 10 දිනවල නිකුත් කළ ගැසට් නිවේදන තුනක් අතික්‍රමණය කරමින් දෙසැම්බර් 14 දින නිකුත් කළ නව ගැසට් නිවේදනයක් මගින් පොල්තෙල් ආනයකරුවන් දෙදෙනෙකු විසින් රට තුළට ආනයනය කළ පොල් තෙල් මෙට්ට්‍රික් ටොන් 10,000 ක් සඳහා බදු සහනය දීර්ඝකොට ඇත. එම ව්‍යාපාරිකයින් අදාල ගැසට්ටුව නිකුත් වන තෙක් ආනයනික තොග වලට බදු නොගෙවා ඒවා වරායේ ගුදම්වල තබාගෙන සිටින බව වාර්තා වේ.

භාන්ඩාගාර නිළධාරින් ඉතා කඩිමුඩියේ ගැසට්ටුව නිකුත් කොට බදු සහනය තහවුරු කළ සැනින් මෙම ආනයනයකරුවන් විසින් නව බදු සහනය යටතේ පොල් තෙල් මෙට්ට්‍රික් ටොන් 10,000 වරායෙන් නිදහස් කර ගත් බව වාර්තාවේ.

කෙසේ වුවද මෙම වාසිය මහා පරිමාණ ආනයන සමාගම්වලට ලැබෙද්දී පොල් තෙල් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයට ලැබී නැත. පසුගිය ජූනි 25 වන විට පොල්තෙල් ලීටරයකට රු. 380ක් ගෙවූ පාරිභෝගිකයාට දෙසැම්බර් 17 වන විට ලීටරයකට ගෙවීමට සිදු වී ඇති මුදල රු. 480කි.

මීට පෙර සතොස සභාපතිවරයා යොදාගනිමින් සීනි ආනයනය සම්බන්ධව ආණ්ඩුවෙන් තිලෝ එකකට රුපියල් 55ක බදු සහනයක් ලබා ගැනීමට මැදිහත්වූ පිරමීඩ් විල්මා සමාගම විසින් මෙම තෙල් ආනයනය කොට ඇති බවද වාර්තා වේ.

වෙළඳපොළට පිසින තෙල් සපයීමද කරනු ලබන මෙම සමාගමට මෙම ආනයන බදු වාසිය ලබා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් 15 දින සිට මාස 06ක කාලසීමාවක් සඳහා මුදල් ඇමතිවරයා විසින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද 2206/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.

මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් දෙසැම්බර් 14වැනි දින අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත්‍රය කියා සිටින්නේ ආනයනික පොල් තෙල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු කි.ග්‍රෑ. 01කට රු. 125ක් වන බවය. ජූලි 10වැනි දින නිකුත් කරන ලද ගැසට්ටුව අනුව රු 25ක් ඉවත් කරනු ලැබීම වලංගුව තිබියෙදීම කි.ග්‍රෑ. 01කට රු. 125ක් පැනවීම යනු මේ වන විට පොල් තෙල් කිලෝග්‍රෑමයකට අදාළව ක්‍රියාත්මක වන්නේ රු 100ක බද්දක් බවය.