කාලි අම්මා අපිට විශ්වාස නැහැ.. කාලි, පත්තිනි හිටිය නම් රටට මෙහෙම වෙනවද? – ඕමල්පේ හිමි (VIDEO)
කොරෝනා වෛරසයට එරෙහිව අළුතෙන් සොයා ගත් බව කියන පැණිය සම්බන්ධයෙන් එය දේශිය ඖෂධ යොදා නිපදවු බැවින් අපට ලොකු විශ්වාසයක් පැවති නමුත් ඊයේ සිදු වූ සිදුවීමෙන් එම විශ්වාසය සම්පූර්ණයෙන් නැති වූ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ. එම බෙහත කාලි අම්මාගේ බෙහෙතක්ය කියූ විට ඒ ගැන පැවති විශ්වාසය නැති වී ගිය බවයි උන්වහන්සේ පැවසුවේ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (17) ජාතික විද්වත් සංඝ සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
කතරගම,විෂ්ණු,කාලි,පත්තිනි ඔය කියන දෙවිවරු හිටිය නම් මෙහෙම විනාශයක් සිදු විය හැකිද යන්න පිළිබඳවයි උන්වහන්සේ ප්‍රශ්න කළේ.
දෙවියෝ ඉන්නවා නම් මිනිස් සමාජය මෙතරම් බරපතල තත්ත්වයකට ගොදුරු වුයේ කෙසේද යන්නත් එවැනි දෙවියෙක් හෝ යකෙක් සිටියේ නම් ජනතාව මේ විනාශයෙන් මුදවා ගැනීමට තිබූ බවද සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
ඒ අනුව මේ රටේ කිසිම බුද්ධිමතෙකුට කාලි අම්මාගේ බෙහෙත පිළිගත නොහැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ.