ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන හොයන්න CID කණ්ඩායම් තුනක්
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අද (15) පස්වරු 04.30ට පමණ ඇති වූ ගින්න සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
එම ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විශේෂඥ මතයක් ලබා ගැනීමට නියමිත අතර විදුලි ඉංජිනේරුවන්ගේ මතයක් ලබා ගැනීමටද නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ද එම ස්ථානයට කැඳවා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද ඔහු කියා සිටියේය. එම පරීක්ෂණ කණ්ඩායම විසින්ද සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීමට නියමිතයි.
කඩිනමින් ගින්න නිවීමේ කටයුතු සිදු වූ අතර එම ගින්න හටගෙන තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ බිම් මහලේ අබලි ද්‍රව්‍ය ගබඩාවකය.
ගින්න හේතුවෙන් හේතුවෙන් විනාශ වී තිබෙන්නේ වායූ සමීකරණය සඳහා උපයෝගී කරගෙන ලද අබලි තොගයක් බවත් ඊට අමතරව වෙනත් කිසිවක් විනාශ වී නැති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරන ලදී.