ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහර බන්ධනාගාර සිද්ධිය – තුවාල ලැබු ගණන 71ක් දක්වා ඉහළට

මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් මේ වන විට තුවාල ලැබු 71 දෙනෙකු රෝහල්ගත කර ඇති බව රාගම රෝහලේ බලධාරීන් පවසයි.

බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවූවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවය.

මහර බන්ධනාගාරයේ රැඳවූවන් අතර ඊයේ (29) සවස නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

ඒ එහි රැඳවූවන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.