ගම්පහ දේවාලයක වැසිකිලියෙන් උණ්ඩ ගබඩාවක් හසුවේ… මහා විනාශයක් වැළකේ – සියල්ල පසුපස කාන්තාවක්
ගම්පහ, මොරගොඩ ප්‍රදේශයෙන් ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ 500 ක් සොයා ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය කළ වැටලීමකදීයි. පොලීසිය පැවසුවේ දැනට අත්අඩංගුවේ පසුවන සැකකාරියකගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු සඟවා තිබූ මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි. දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් තිබූ නිවසක වැසිකිළි වලේ සඟවා තිබියදී මෙම උණ්ඩ තොගය සොයා ගෙන තිබෙනවා.. පොලීසිය පැවසුවේ, පසුගියදා හෝකන්දර ප්‍රදේශයෙන් සොයා ගත් ගිනි අවි ජාවාරමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් කරන ලද විමර්ශනවලින් පසු මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා.