ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රාජාංගනයේ 30 දෙනෙක් නිරෝධායනයට

රාජංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

ඒ ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට සිදුකළ පළමු පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වීමත් සමගය.

මේ අතර විදෙස්ගතව සිටි පුද්ගලයින් 66 දෙනෙක් අද (14) උදෑසන මෙරටට පැමිණ ඇත.

එසේ පැමිණි සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළාක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.