බලන්ගොඩ අයෙක් 52 හැවිරිදි පුද්ගලයෙකුගේ ලිංගය කපාගෙන ගිහින්… අසාධ්‍ය තත්වයෙන් රෝහලේ
බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් නෙල්ලිවෙල ඊපැත්තැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් 52 හැවිරිදි පුද්ගලයෙකුගේ ලිංගයේ (රහස් ප්‍රදේශයේ) කොටසක් තියුණු පිහියකින් කැපිම හේතුවෙන් ඔහු අධික ලෙස රැධිරය වහනය විම හේතුවෙන් දැඩි අසාද්‍ය තත්ත්වයෙන් අද (13) දා බලන්ගොඩ මුලික රෝහට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ නෙල්ලිවෙල ඊපැත්තැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (52) මෙලෙස රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ලිංගය (රහස් ප්‍රදේශය)කැපිම සදහා යොදාගත් පිහියද පොලිසිය විසින් සොයා ගෙන අැත.
සැකකරු වයස අවුරුදු තිස් දෙකක එක්දරැ පියෙකු වන අතර ඔහුගේ බිරිඳද මිිට වසර කිහිපයකට පෙර ඔහු හැර ගොස් ඇතැයි පොලිසිය සිදුකල විමර්ශන වලිදි අණාවරණය වි තිබෙනවා.
එම පුද්ගලයා විසින් අද (13) දා පනස් දෙක හැවිරිදි පුද්ගලයාට තම නිවසට පැමිණෙන ලෙස දැනුමි දි තිබුණා.
එහිදී 32 හැවිරිදි පුද්ගලයා විසින් පනස් දෙක හැවිරිදි පුද්ගලයාට ලිංගික හිංසනයක් කිරිම තැත්කර පසුව ඔහුගේ ලිංගයේ (රහස් ප්‍රදේශයේ) කොටසක් වෙන්වෙන්න කපා තිබෙනවා.
පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.පි.අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.