මහ මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්
මෙවර මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4,684ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සභාව පවසයි.
ඉන් පැමිණිලි 3738ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී අතර තවත් පැමිණිලි 946ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බව එම කොමිසම සඳහන් කළේය.
එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් ලැබී ඇති බව වාර්තා වේ.
මෙවර මහ මැතිවරණයට අදාළව ප්රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ දක්වාත් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.