කන්දකාඩු කොරෝනා ආසාදිතයින් කණ්ඩායම් දෙකකට බෙදී ඇනකොට ගනී..පහක් රෝහලේ
කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය සඳහන් කළා.
මොවුහු ප්‍රතිකාර සඳහා අද(22)අලුයම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබෙනවා.
තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළා.
කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබෙනවා.
කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 279 දෙනෙකු සහ වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු මෙහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔවුන්ගෙන් කණ්ඩායම් දෙකක් අතර මේ ගැටුම ඇතිවී තිබෙන බව වාර්තා වනවා.
ඒ ගැටුමට මැදිවූ පිරිස අතින් පයින් පමණක් නොව එම කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සනීපාරක්‍ෂක පහසුකම් සඳහා භාවිත කෙරෙන කොසු ඉදල් ආදියෙන්ද එකිනෙකාට පහරදී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබෙනවා.
එහි ආරක්‍ෂක කටයුතු බාරව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් පැමිණ ගැටුම සමථයකට පත්කර තිබෙනවා.