ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොහොට්ටුවේ බීමත් දේශපාලන පුත්‍රයාගේ ගොදුරක් වූ ‘පොලිස් විරුවා’ අවසන් කටයුතු හෙට (17)

බීමත්ව ඩිෆෙන්ඩර් රථයක් පදවූ රත්වත්තේ පවුලේ පත්‍රයෙකු අතින් රිය අනතුරකට භාජනය වී ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් සිතුම් යොමාල්ගේ අවසන් කටයුතු හෙට (17) දිනයේදී සිදුකිරීමට නියමිතයි.

ඒ, පොලිස් ගෞරව සහිතව ගිනිදමන පොදු සුසාන භූමියේදීයි.

සිතුම්ගේ දේහය ඊයේ (15) පොළොන්නරුවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

පසුගියදා තුම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක ඩිෆෙන්ඩර් රථයක් ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 22 හැවිරිදි පොලිස් කොස්තාපල් සිතුම් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම මස 09 වනදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 78කට අධික මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරු හා එම මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ ද සිතුම් යොමාල් නිලධාරියායි.

මියගිය පොලිස් කොස්තාපල් සිතුම් යොමාල් ඊයේ (14) සිට බලපැවැත්වෙන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කෙරුණු බව ද පොලිස් මූලස්ථානය ඊයේ (15) නිවේදනය කළා.