රජයේ ආධාර බෙදීමේදී පොහොට්ටුවේ මන්ත්‍රිවරු මනාප පොරයට යන බව ඩලස්ම පිළිගනී
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආධාර බෙදාහැරීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මනාප පොරය තීරණාත්මක සාධකයක් වන තැනට පත්ව ඇති බවත් එය ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවටත් ගැළපෙන ක්‍රියාවක් නොවන බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
“ඉෂූ කරද්දි ඒ ඉෂූ කරන සමහරුන්ට බලපෑම් ඇවිල්ලා X කියන තැනට මේ ගාණ දෙන්න, Y කියන තැනට අඩු කරන්න කියනවා. Y කියන තැනට කතාකරලා කියනවා ඔයා මේ මේ මේ මනාපය මේ විදියට ගහනවා නම් විතරක් ඔයාට දෙන්නම් කියලා. මෙතන ඉන්නවා සභාපතිතුමන්ලා එහෙම කතා කරලා කියපු. මේ සභාවෙ ඉන්නවා, අහලා බලන්න !
මං කියන්නෙ ඒක ගෝඨාභය ජනාධිපතිතුමාටවත් මහින්ද අගමැතිතුමාටවත් අපට ආණ්ඩුවක් විදියටවත් ගැළපෙන දෙයක් නෙවෙයි. එතුමන්ලා ඒක අනුමත කරන්නෙත් නෑ, හැබැයි එහෙම වෙලා තියෙනවා !” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ තමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමිනි.
