ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 150ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව150 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.
මෙම රෝගීන් දෙදෙනාම ඊයේ දිනයේ මිය ගිය කොරෝනා ආසාදිතයා ලඟින් ඇසුර කළ පුද්ගලයින් බව අනාවරණය ළුී ඇත.
ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21ක් වේ.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් ඇත.