පහසුකම් නෑ…! P.H.I ලා කොරෝනා සටනින් ඉවතට – මුඛ ආවරණ හෝ දෑත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍යවත් නෑ
මුඛ ආවරණ දෑත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය වැනි අවම ආරක්ෂිත පහසුකම්වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම නිසා කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඊයේ (1 වැනිදා) පස්වරුවේ තීරණය කර තිබෙනවා.
රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමැති පවිත්‍රා වන්නිආරච්චි පසුගිය ඉරිදා දැනුවත් කළද මෙතෙක් එම ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා මෙම තීරණය ගත් බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.
මෙම ඉල්ලීම්වලට අද (2 )දිනයේ විසඳුමක් ලබානොදුනහොත් හෙට (3 ) සිට වසංගතය පාලන කටයුතුවලින් ඉවත්වන බව එම සංගමය පවසනවා.