තිරය පිටුපස සිට ‘දෙරණ‘ ඇත්ත කියයි..! චතුර, දිලිත් ජයවීරගේ අන්තිම අමුඩෙත් ගලවයි. (වීඩියෝ)
ලෝකයේ මාධ්‍ය ඇත්තේ ජනවිඥාණය ඉහල නැන්වීමට මෙන්ම රටේ ඇතිවන සත්‍ය සිදුවීම් ජන්තාවට දැනගැනීමටය. ඒත් ලාංකීය මාධ්‍ය සිදුකරන්නේ තම කොම්පැණියේ අයිතිකරුට ආන්ඩුවේ පාලක්යන්ගෙන් ලැබෙන ගතමනාව අනුව පාලකයාට අවශ්‍ය ආකාරයට ජනතාවගේ ඔළුව සකස්කිරීමයි.
ඒ තුලින්ද දෙරණ නාලිකාවට ලැබෙන්නේ ඉතාම අද්විතීය ස්ථානයකි . රාජපක්ෂ පාලනය සිදුකරන සෑම දෙයම ඉතාම ගුණදායක හා ජනතා සුභ සාධනය වෙනුවෙනුත් ප්‍රවෘති නිර්මානය කොට ජනතා මොළ සොදනු ලබයි.
මේ තාක් කලක් ඔවුන් කියු සියල්ල පල් බොරු බවත් ජාතිවාදය හා ආගම් වාදය ඔවුන් සිදුකරන බේදයක් බවත් මේ වනවිට මනාව තහවුරුවී තිබේ.
පසුගිය අගහරුවාදා ‘දෙරණ වාදපිටිය‘ වැඩසටහනේ අහඹු සිදුවීම තුලින් එය මනාව තහවුරුවේ. ඒ සදහා පහත විඩියෝව නැරඹීම තුලින් ඔබට දෙරණ යනු ජනතා මනස විකෘති කරන තවත් රාජපක්ෂවාදී නාලිකාවක් බව වැටහෙනවා නොවනු මානයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ දේහයන් පිලිබද අවසන් කටයුතු කලයුතු ආකාරය නිර්දේශ කර ඇති අතර ඒ පිලිබදව වු එම නිර්දේශ දෙරණ වෙබ් පිටුවේද පලකර තිබුණි. නමුත් ලංකාවේ සෞඛ අංශ ඊට පැටහැනිව වෙනත් තීන්දුවක් ගැනීමත් සමග මතුවු තත්වය තුල දෙරණ එම ලෝක සෞඛය සංවිධානයේ නිර්දේශ තම වෙබ් අඩවිලෙන් ඉවත්කර ඇත. එය මෙම සංවාදය අතර තුර චතුර විසින් තහවුරු කරනු ලබයි.
එමෙන්ම ජවිපේ බිමල් රත්නායක විසින් කරන ලදැයි පවසන ප්‍රකාශයක්ද මෙහිදී සංවාදයට ලක්වේ. එහිදීද සමාජජාල තුල සංසරණය වු එම අසත්‍ය පුවත (ෆේක් නිවුස්) පිලිබදව බිමල් රත්නායක කරන ලද ප්‍රකාශයක් ලෙස චතුර විසින් සදහන් කලද එම අවස්ථාවේ වසන්ත සමරසිංහ විසින් එය අසත්‍ය පුවතක් (ෆේක් නිවුස්) බව කියා සිටී.
මේ අනුව දෙරණ නිතරම සිදුකරන්නේ රාජපක්ෂලාගේ උවමනාවන් හා අවශ්‍යතාවයන් බව මේ හරහා තහවුරුවී හමාරය.