ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

කොරෝනා වලින් බේරෙන්න වැරදි ඖෂධ ගත් ඉන්දීය වෛද්‍යවරයා මරුට

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා මැලේරියා මර්දන ඖෂධය ලබාගත් ඉන්දීය වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි වෛද්‍යවරයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ගුවාටි ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර කටයුතුවල නිරතව සිට ඇති අදාළ වෛද්‍යවරයා කොරෝනා වෛරසය සඳහා පූර්වාරක්ෂිත ක්‍රමවේදයක් ලෙස හයිඩ්‍රොක්ලෝරොකුයින් නැමැති ඖෂධය ලබාගෙන ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසති.

කෙසේ වෙතත් එහිදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබේ.