විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කළොත් වැඩ වරදී
සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කිරීම සඳහා කොවිඩ් -19 හෙවත් කොරෝනා පිළිබඳ ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හැරීම හෝ බෙදාගැනීම සඳහා සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින ලෙස මහජනතාවට උපදෙස් ලබාදී තිබේ.
එලෙස විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කළහොත් නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.