ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අධිකරණයට

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මොවුන් අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධීයට සම්බන්ධ සිදුකරන පරීක්ෂණ සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 3 වැනිදා මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනාවට ලක්වූ මොවුනට එරෙහිව වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබිණි.