ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නායකත්වය පිලිබද තීරණයක් ගැනීමට රැස්වු එජාප මන්ත්‍රී රැස්වීම ගැටුමකින් අවසන්.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ (09) පස්වරුවේ පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැටුම්කාරී තත්වයක් මතුවීම හේතුවෙන් අවසන් තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (16) දක්වා කල්ගොස් ඇති බව වාර්තා වේ. 

මෙහිදී රනිල් – කරූ – සජිත් තිදෙනාම එක්ව නායකත්ව මණ්ඩලයක් වශයෙන් පක්ෂය මෙහෙයවීම සහ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදීම යන යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති අතර සාකච්ඡාව ඉදිරියට යද්දී සජිත් පිලේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් වන අජිත් පී. පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් දැඩි ආවේගශීලී ලෙස හැසිරෙන්නට පටන් ගැනීම නිසා ගැටුම්කාරී තත්වයක් උද්ගතවී ඇති බව සඳහන්. 

ගුටිබැට හුවමාරුවක් දක්වා මෙම තත්වය වර්ධනය වීමට යන අවස්ථාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් 10 වනදා විදෙස් ගතවන බවත් යළි දිවයිනට පැමිණෙන්නේ 16 වනදා බවත් එසේ පැමිණි වහාම නායකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම තුළ ඡන්ද විමසීමක් සිදු කරන බවත් දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.