ජනපති නන්දසේන, වැලිකඩ සිරකරුවන් 27ක් ඝාතනයට සම්බන්ද රංගජිව යළි සේවයේ පිහිටුවයි
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සේවය අත්හිටුවනු ලැබ සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ, සේවය අත්හිටුවන විට ඔහු සේවයේ යෙදී සිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටම අනියුක්තවයි.
පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ඔහු වෙඩි තැබීමකටද ලක් වුණා. කෙසේවෙතත් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහු ද චෝදනාවට ලක් වූ අතර ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද ඒ අනුවයි.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ දී සිරකරුවන් විසිහත් (27 )දෙනෙකු මරා දමා තවත් රැඳවියන් පිරිසකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පරීක්ෂක නියෝමාල් රංගජීව රක්ෂිත බන්ධනාගාර ගත කරන කරනු ලැබිණි.
මෙම ගැටුම ආරම්භ වන්නේ 2012 වසරේ නොවැම්බර් නව වෙනිදා කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුල් වූ තුන්සීයක් පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමඟය.
පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වැලිකඩ සුප්‍රකට ‘එල්'(L) වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකථන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බලකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියමවූවන් රඳවනු ලබන ‘චැපල් වාට්ටුව’ නමින් හැඳින්වෙන සිරමැදිරි කරා ඇතුල් වීමත් සමඟ තත්වය නරක අතට හැරුණි.
එම සිර මැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත් සිරකරුවන් ඊට එරෙහිවීමත් සමඟ එය ගැටුමක් බවට පෙරළුණ බව ඇතැම් රැඳවියෝ පැවසූහ.
එවැනි වාතාවරණයක් තුළ නොවැම්බර් නව වෙනිදා සවස එකයි තිහට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි.
‘2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල’ ලෙස එය සමාජගත වූ අතර අද එය ජාත්‍යන්තරට තුළ පවා සාකච්ඡාවට ලක්වෙමින් පවතින මාතෘකාවක් බවට පත්ව ඇත.
එසේම එය 1983 ජූලි කෝලාහල සමයේ දමිළ සිරකරුවන් මරා දමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් හඳුන්වා දෙනු ලැබ ඇත.
1983 ප්‍රහාරයේ දී වැලිකඩ සිර ගෙය තුළ මරා දමන ලද දමිළ සිරකරුවන්ගේ සංඛ්‍යාව පනස් තුනකි.
2012 දී එම ඝාතන සිදු කෙරෙන විට වැලිකඩ සිරගෙය තුළ හාර දහසක් පමණ රැඳවියන් වූ බව වාර්තා වී ඇත.