ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාර්ලිමේන්තුව මාර්තුවේදී අනිවාර්යෙන්ම විසුරුවනවා

පළාත් සභා ඡන්දයට පෙර  මහ මැතිවරණය පවත්වන බවත්  ලබන මාර්තු මාසයේදී  පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි.

 අද (16) වැනිදා පැවැති පුවත්පත් කතුවරුන්ගේ  සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන  ලකුණකින්දැයි මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්  ජනාධිපති රාජපක්ෂ මහතා  එය සාකච්ඡා කර තීන්දු කරන බවද කීවේය. අගමැතිවරයා විසින්  මැතිවරණ  මැතිවරණය  මෙහෙයවන  ලබන බවත්  බැසිල් රාජපක්ෂ මහතා එහි  යාන්ත්‍රණය සකස් කරනු ඇති බවත්  කී ජනාධිපතිවරයා  තමාද ඊට සහය දෙන බව පැවසීය.