NewsSlider රනිල් ජනපති සටනට September 7, 2019 Kamal Dhammika එළඹෙන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්විමට අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතිකපක්ෂ ජ්‍යේෂඨයින් සමඟ ඊයේ (06) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරඇති බව වාර්තා වෙයි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේනායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට තමාට ද අයිතියක් ඇති බවයි. තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයකගේ ද එකඟත්වය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ පැවැතිසාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බව සඳහන්. ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමාගේ රැස්වීම් මාලාව හම්බන්තොටින් ආරම්භ කිරීමට සූදානම් බව එහිදී ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්විමේ තීරණය වෙනස්නොකරන බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි. Post Views: 949 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print