ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

ලොව පුරා ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා බිඳ වැටෙයි

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්සැප් සමාජ මාධ්‍ය ලොව පුරා බිඳවැටිමකට ලක්ව ඇති බව වාර්තා වෙයි. වට්සැප් සම්බන්ධතාවයන්හි බිදවැටීමක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ඊයේ (03) සවස 7.20 පමණ සිට පැමිණිලි රැසක් ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන්ගෙන් ලැබුණු බව එම සංගමය පවසයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදී හෙලිවූයේ වට්සැප් යෙදුම හරහා ඡායාරෑප, වීඩියෝපට සහ අනෙකුත් මාධ්‍ය යැවීමේදී හා ලබාගැනීමේදී ඒ සඳහා දිගු වෙලාවක් ගතවන බවත් යම් පරිශීලකයන් ප්‍රමාණයකට කිසිදු ඡායාරුප ඇතුළු මාධ්‍ය යැවීමට හෝ හාගතකරගැනීමට සම්පුර්ණයෙන්ම හැකියාවක් නොමැති බවය.
වට්සැප් බිදවැටීම පසුහබමින් ෆේස්බුක් සහා ඉන්ස්ටග්‍රෑම් අඩවිද බිදවටිමකට ලක්ව ඇතැයි නවතම තොරතුරු වලින් දැනගන්නට ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේය.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්සැප් සමාජ මාධ්‍ය ලොව පුරා බිදවැටීමට හේතුව Server ගැටලුවක් බවට වට්සැප් නියෝජිතයෙක් අප සංගමයට දන්වා සිටි අතර මෙය ලොව පුරා සිටින පරිශීලකයන්ට සිදුවූ සිදුවීමක් බැවින් කඩනමින් තම සේවාවන් යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වෙයි.