අගමැති ප්රමුඛ ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය කථානායක අතට
ජනතා විමුක්ති පෙරමුණ විසින් අගමැති ප්රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී තිබේ. රට තුළ පවතින අනාරක්ෂිතභාවය, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම යන කරුණු මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
පෙරවරු 10.00 ට පමණ කථානායක කාර්යාලයේදී එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදුන් බව කථානායක කාර්යාලය සඳහන් කළේය.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටි බව සඳහන්ය.
අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගයේ යෝජනාවලිය පහතින් දැක්වෙයි.



