NewsSlider ඝාතකයන් මෙන්ම රටේ පාලකයන් ද සිදුවු ප්රහාරයේ අපරාධකරුවන් May 11, 2019 Kamal Dhammika පාස්කු ඉරිදා එල්ල වූ ප්රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ රනිල් වික්රමසිංහ සහ මෛත්රීපාල සිරිසේන විසින් රට තුළ ඇතිකර තිබෙන අරාජිකත්වය හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. රට තුළ ඇති අරාජිකත්වය තුළින් ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම හා මැදිහත්වීම රනිල්-මෛත්රී මුලුමනින්ම අත්හැර දැමු බව ඒ මහතා ප්රකාශ කර සිටියි. කළුතර ඊයේ (10) පැවති සම්මන්ත්රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා.. මෙම අරාජිකත්වය මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට නිදැල්ලේ පැමිණ ප්රහාර එල්ල කිරීමට ඉඩ සලසා දුන් බව අනුර කුමාර මහතා ප්රකාශ කර සිටියේය. වළක්වාගත හැකිව තිබු අපරාදයක් තම වගකීම් පැහැරහැර ඒ සඳහා ඉඩ සළසා දුන් පාලකයා මෙම ප්රහාරයේ එක් අපරාධකරුවෙකු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය. එනිසා මෙම ඝාතකයන් මෙන්ම රටේ පාලකයන් ද සිදුවු ප්රහාරයේ අපරාධකරුවන් බව ඔහු ප්රකාශ කරයි. අවම වශයෙන් සිදුවීමෙන් පසුව හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පාලකයන් සමත් වී නැති බවත් ඒ මහතා කියා සිටියේය. Post Views: 635 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print