NewsSlider රට පුරා දේවස්ථානවල ආරක්ෂක පියවර මධ්‍යයේ ඉරුදින දිව්‍ය පූජාව 5දා සිට April 30, 2019 Kamal Dhammika ඉරුදින දිව්‍ය පූජා 5 වැනිදා සිට රට පුරා දේවස්ථානවල ආරක්ෂක පියවර මධ්‍යයේ පැවැත්වීමට කටයුතු කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී ඊයේ ( 29) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. එහිදී කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ. දිනකට දිව්‍ය පූජාවන් කිහිපයක් පවත්වන දේවස්ථානවල සීමිත දිව්‍ය පූජාවන් මාලාවක් ඔස්සේ එය සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයෙන් ආරක්ෂාව ද අපි ඉල්ලා තිබෙනවා. ආරක්ෂක පියවර සමඟින් ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා පොලීසිය සහාය දෙන බව පැවසුවා. ඊට අමතරව දේවස්ථානවලට අදාළව ස්වේච්ඡා කමිටු පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා දේවස්ථානය වෙත පැමිණෙන සියලු දෙනා හඳුනාගැනීමේ යම් පහසුවක් ලබා ගැනීමට හැකියි. දේවස්ථාන ආශ්‍රිතව දැඩි පරීක්ෂා කිරීමෙන් ඒ අවට යම් පාර්සලකයක් හෝ සැකසහිත යමක් තිබේද යන්න තහවුරු කර ගැනීමට කටයුතු කරනවා. එදින දිව්‍ය පූජාව සඳහා සහභාගී වන අයට ද කිසිදු බෑගයක් හො පාර්සලයක් දේවස්ථානයට රැගෙන යාමට අවස්ථාව නැහැ. Post Views: 497 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print