ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විදුලි කප්පාදුවට රනිල් පමණක් නොවේ ජනපති මෛත්‍රීත් වගකිව යුතුයි – ඩලස් අලහප්පෙරුම

වර්තමානයේ ඇතිවී තිබෙන විදුලි අර්බුදයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ඇතුළු සමස්ත ආණ්ඩුවම වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
මෙහි සම්පූර්ණ වගකීම රවී කරුණානායක මහතා පිට පැටවිය නොහැකි බවත් ඔහු විදුලිබල අමාත්‍ය ධුරයට පත්වී ගත වුණේ දින 71ක කාලයක් පමණක් බවත් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.
මෙම ආණ්ඩුව කිසිම සංවේදීකමක් නැති, දියුණු ආකාරයට සිතන්නට බැරි ආණ්ඩුවක් බවට චෝදනා කළ ඒ මහතා අවසානයේ මුළු මහත් ජනතාවම පීඩාවට පත්ව ඇති බවයි සඳහන් කළේ.
එසේම කොළඹ වරායේ ස්ථානගත කර ඇති මෙගාවොට් 100ක බලාගාරයක් සහ කැළණිතිස්ස බලාගාරයේ ද්විත්ව චක්‍රීය මෙගාවොට් 163ක බලාගාරයක් නඩත්තු නොමැතිකමින් අක්‍රියව පවතින බවට අලුතින්ම තොරතුරු ලැබී ඇති බව පැවසූ ඒ මහතා එසේ තිබියදී මෙගාවොට් 100ක් ජනනය කිරීමේ යන්ත්‍ර අලුතින් ලහි ලහියේ ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ද චෝදනා කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන කමිටුවේ සාමාජිකයකු ද වෙයි.