ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලංවිම-කොමිසම අතර ගැටුම විසඳගන්න කියා ජනපති සිරිසේන ජනතාවට පිටුපායි.

ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවී වර්ජනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඊයේ (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා රජයේ ආයතනයක් තවත් රජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මේවා සාකච්ජාකර විසදාගතයුතු කරණු බවත් පවසා ඇත. මෙවැනි ක්‍රියාවලින් එම ආයතන පිරිහීමට ලක්වනවා මෙන්ම පරිභෝගික ජනතාවද පීඩනයට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් හා විදුලි පාරිභෝගියින්ගේ අයිතිවාකම් වෙනුවෙනි. රටේ පවතින නීතියට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නොදන්වා විදුලිය විසන්ධි කල නොහැකි අතර එය බරපතල වරදකි. විදුලි බල මණ්ඩලයට හිතුමතේ ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් විදුලිය විසන්ධි කල නොහැකි අතර එ් පිලිබදව ජනතාව කලින් දැනුවත් කල යුතුය.
කෙසේ වෙතත් රටේ මුල් පුරවැසියා වන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය තුලදී නියෝජනය කර ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව ජනතාව පීඩාවට පත්කල විදුලි බල මණ්ඩලය වෙනුවෙනි.