ColomboXnews

News | Gossip | Political | Entertainment

Slidervariety

පළමු දරුවා ඉපදී දින 26කින් 20 හැවිරිදි මවකට තවත් නිවුන් දරු උපතක්

තරුණ කාන්තාවක් මසක් ඇතුළත දරුවන් තිදෙනෙකු ප්‍රසූත කර තිබෙනවා. Arifa Sultana නම් 20 හැවිරිදි ඇය බංගලාදේශ කාන්තාවක්.

ඇය පළමු දරු ප්‍රසූතියේ දී පිරිමි දරුවෙකු බිහි කර තිබුණේ පසුගිය මාසයේදී. එහෙත් වෛද්‍යවරුන්ට පවා සොයා ගත නොහැකි වූ පුදුම සහගත අවස්ථාවක් දවස් 26කට පසු උදා වුණා.

පළමු දරු ප්‍රසූතියේ සිට සති හතරකට පමණ පසු ඇයට යටි බඩේ වේදනාවක් හට ගත්තා.ඒ අනුව ඇය රෝහල් ගත කෙරුණා. සිදුවූයේ පුදුමයකි. ඇයට නිවුන් දරු උපතක්.

වෛද්‍යවරු පවසා සිටියේ ඇයට ගර්භාෂ දෙකක් පිහිටා ඇති බවයි.දරුවන් තිදෙනාම එකවර ගැබ්ගෙන තිබූ අතර දරුවෙකු එක් ගර්භාෂයකත් අනෙක් දරුවන් දෙදෙනා අනෙක් ගර්භාෂයේත් වැඩී තිබෙනවා.

මව සහ දරුවන් තිදෙනාම ආරක්‍ෂිත බවයි වෛද්‍යවරුන් කියා සිටියේ