ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වෙල්ගමගෙන් තවත් හෙළිදරව්වක්..! “රෙද්ද-බැනියම අදින කෙනෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා”

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද (27) ප්‍රබල ඉඟියක් පළ කළේය. හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ ප්‍රශ්න කිරීමකදි මන්ත්‍රීවරයා පැවසුවේ ගෝඨාභය මහත්තයා නොවෙයි රෙද්ද-බැනියම අදින පුද්ගලයෙක් ඉදිරි ජනාධිපති අපේක්ෂයා වන බව බවයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් සිදුකළ කිසිඳු ප්‍රකාශයක් මේවනතෙක් වැරදී නොමැති බවයි. එම පුද්ගලයා කවුරුවුරුන්ද යන්න පිලිබඳව එළඹෙන මැයි මාසයෙන් පසුව තොරතුරු  හෙළි කරනබව මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බවත්, බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පැවැසූ බවත් ප්‍රකාශ කළේය.

“පවුලේ පොඩි සාදයක් තිබුණා. ඒකේ කතා කළේ නෑ (ජනපති අපේක්ෂකත්වය). පවුල් එකතු වෙන්නේ නැත්ද? එකනේ මට තිබෙන ලොකුම චෝදනාව ‘සහෝදර සමාගම’. දැන් අපේ ප්‍රධානියා චමල් රාජපක්ෂ මහතා එතුමා කැඳවනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එනවා කියලා තිරණයක් ගත්තේ නෑ. බැසිල් මහත්තාය එනවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා කිව්වා. චමල් එනවා කියනවා. පවුලේ එක එක්කෙනා ගැන ලොකු ලොකු මතවාද ආවා. බැසිල් කිව්වා මම නම් එන්නේ නෑ කියලා.

තාම මම දිනන්න පුළුවන් කෙනා හොයනවා. තාම එක්සත් ජාතික පක්ෂය තීන්දු කරලත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට අපේ අපේක්ෂකයා තීරණය කරනවා.” යැයි ඔහු සඳහන් කළේය.