ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

අනිසි හැසිරීම් සහිත ෆේස්බුක් ගිණුම් ගිණුම් මකා දැමීමට ෆේස්බුක් ආයතනය තීරණය කරයි.

ෆේස්බුක් පරිශීලකයන්ගේ අනිසි හැසිරීම් සහිත ගිණුම් මකා දැමීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව ඉරානය, රුසියාවේ, මැසිඩෝනියාව සහ කොසෝව යන රටවල්වල ෆේස්බුක් ගිණුම් මකා දමා ඇත.

ෆේස්බුක් පිටු 2,632ක්, කණ්ඩායම් ගිණුම් සහ ෆේස්බුක් ගිණුම් කිහිපයක් ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කර ඇත.  එම ගිණුම් අතර ඉරානයේ ගිණුම් 513ක්, රුසියාවට සම්බන්ධ ගිණුම් 1,907 ක් ඉවත් කර බව වාර්තා වේ.

පසුගිය වර්ෂ දෙක තුළ අන්තවාදී මත ප්‍රචාරය වූ ගිණුම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වූ බව ෆේස්බුක් ආයතනය පවසයි.