ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනපති සිරිසේන පොහොට්ටුවට රිදවීම සදහා ජාතික ආණ්ඩුවකට එජාපයට අනුමැතිය දෙයි.

මහින්ද රාජපක්ෂ පාර්ශ්‍යය ජනාධිපති සිරිසේනට නැවත ජනාධිපතිවීම සදහා අවස්ථාව ලබානොදීමට තීරණය කිරීමත් සමග මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත වරක් එජාපය දෙසට හැරෙමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සහාය පලකිරීමට තීරණය ඇතැයි මේවනවිට වාර්තාවේ.

ජනාධිපතිවරයා පෙරළිකාර දේශපාලන තීන්දුවක් ගනිමින් නැවතත් එ.ජා. පෙරමුණට ජාතික ආණ්ඩුවක් සඳහා අනුමැතිය ලබාදී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් එන බව දේශය පුවත්පතද වාර්තා කරයි.

ඊට අදාළ දේශය පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

පසුගිය කාලයේ ජනාධිපතිවරයා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරන අලිසහීර් මවුලානා මන්ත්‍රීවරයාව සහභාගි කරගෙන පිහිටුවීමට ගිය ජාතික ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප කළේය. අනතුරුව පාර්ලිමේන්තුවට එ.ජා.ප.ය ඉදිරිපත් කළ ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගැනිනි.

එහෙත් පසුගියදා එ.ජා.ප.යට ඒ සඳහා බාධා නොකරන බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය විසින් දැනුම් දී ඇතැයි පැවසේ. ඒ අනුව එ.ජා.පෙරමුණේ පක්ෂ නායකයන්ගේ හමුවක් පැවැත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන් ළඟදීම අමාත්‍ය මණ්ඩලය පුළුල් කරන බව දැන්වීය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී.ල.නි.ප.යේ සිට රජයට සහාය දැක්වූ මන්ත්‍රීන් දෙතුන් දෙනෙකුට සහ එ.ජා.ප.යේ ඇමැති ධුර අහිමි ජ්‍යෙෂ්ඨයන් වන රංගේ බණ්ඩාර වැනි අයට අමාත්‍ය පදවි හිමිවීමට නියමිත බවය. එයට සහය දීම සඳහා දැනට කැබිනට් අමාත්‍ය පදවි ගණනාවක් දරන අමාත්‍යවරුන් සිය විෂයන්ගෙන් කිහිපයක් අත්හැරිය යුතු යැයිද කියා ඇත. මෙයට එ.ජා.පෙරමුණේ පක්ෂනායකයන් එකඟතාව දක්වා ඇතත් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ මනෝ ගනේෂන් අමාත්‍යවරයා පමණක් දැඩි අසතුට පළකර ඇතිබව වාර්තා වෙයි. කෙසේ හෝ මෙයට අදාළ යෝජනාවක් ළඟදීම මැතිසබයට රජය විසින් ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.