විභාග ලියන්න ජීවම් කළ පෑන් දෙන දේශපාලඥයින් ගැන බිමල් කියයි.
විභාග සමත්වීම සඳහා ඒ සඳහා උත්තර ලිවීමට ජීවම් කළ පෑන් යනුවෙන් පෑන් ලබාදෙන දේශපාඥයින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය. පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිට බෙලිකටු විකුණන ස්ථානයක් ඇති බවත් ඔහු සඳහන් කළේය. එසේම රුපියල් 50000ක ක්ෂුද්‍ර මූල්‍ය ණයක් ලබාගත් කාන්තාවක් එම මුදලින් රුපියල් 35000ක් වැය කර සිය දරුවා විභාග සමත්වීමට යැයි සඳහන් කරමින් සුරයක් පැළඳ තිබුණ බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් රත්නායක මහතා මේ බව සඳහන් කළේය. එසේම ලංකාවේ දුප්පත් ජනතාව මිත්‍යාෙව්, ණයේ, පීඩනයේ හා අතවරයේ චක්‍රයකට ඇතුළත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.