ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“මේක කට්ටියම එකතුවෙලා ගහපු ගේම් එකක්” – පාර්ලිමේන්තු චණ්ඩි වෙනුවෙන් මහින්ද පෙනීසිටී.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී කලහකාරී ලෙස හැසිරෙමින් මහජන දේපළ හානි කිරීම සහ මන්ත්‍රීවරුන්ටත් පොලිස් නිලධාරීන්ටත් පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනාව අයවැය ඡන්ද විමසීම අවසන් වන තෙක්, එනම් අප්‍රේල් 05 වනදා පසුවන තෙක් එහි නොයවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (6) වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ප්‍රසන්න රණවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට දැනුම් දී ඇතත් මේ වනවිට තුන් හතර වතාවකදීම ඔවුන් එය මඟහැර ඇත.

 මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා මීට තමන්ගේ ඇති සම්බන්ධය ද පිළිගනිමින් ප්‍රකාශ කර ඇත්තේ “කට්ටියම එකතුවෙලා ගහපු ගේම් එකෙන් එකෙක්ව පාවලා දෙන්න බෑ. යනවා නම් කට්ටියම යමු” යනුවෙනි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත නොයා පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්නය විසඳා ගැනීමට ක්‍රියාකරන ලෙස ඉල්ලමින් මහින්ද රාජපක්ෂ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම කථානායක කරූ ජයසූරිය මහතාට බලපෑම් කරන බව ද වාර්තා වේ.

(උපුටාගැනීම LNW)