ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කුස්සියේ කසිප්පු පෙරූ කාන්තාවක් අත්අඩංගුවට

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ තිස් හයේ කණුව ප්‍රදේශයේ දී කුඩාඔය පොලීසිය සිදු කළ හදිසි වැටලීමකදී නිවසක කුස්සියේ ඉතා සූක්ෂම ලෙස කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව සිය අනියම් සැමියා සමඟ එම නිවසේ කුලී පදනම මත ජීවත් වී ඇති අතර ඇයගේ අනියම් සැමියා විශ්‍රාමික යුධ හමුදා සෙබෙළෙක් බව පොලීසිය පවසා සිටියි .

එම නිවස තුල ඉතා සූක්ෂම ලෙස මෙම කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර වැටලීම සිදු කර එම ස්ථානයේ තිබූ කසිප්පු පෙරීම් උපකරණ, ගෝඩා සහ කසිප්පු තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 51ක තැනැත්තියක් වන අතර අද දින සැකකාරිය (14) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කුඩාඔය පොලීසිය විසින් සිදු කරනු ලබන බව වාර්තා වෙයි.