රටවල් 10කට අප්‍රේල් 1 වන දා සිට මාස 6 කට ලංකාවේදී නිදහස් වීසා
සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට තෝරා ගත් රටවල් කිහිපයක් සඳහා නිදහස් වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 2019 අප්‍රේල් 1 වන දා සිට මාස 6 ක කාලයක් සඳහා මෙම පහසුකම ලබාදීමට නියමිතයි. වසරේ අනෙකුත් කාලයට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා කාල පරාසය තුළ සංචාරකයින්ගේ පැමිණීම අඩු අගයක් ගන්නා හෙයින් එම කාලසීමාවේදී වැඩි සංචාරකයන් පිරිසක් ලංකාවට ආකර්ශනය කර ගැනීම වෙනුවෙන් මෙම වැඩසටන ක්‍රියාත්මක කිරීමට නියමිතය
මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාව තුළ වෙසක් හා පොසොන් උත්සව හා ඇසළ පෙරහැර වැනි බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතික අංග රාශියක් දිවයින පුරා පැවැත්වෙන බැවින් බුදුදහම ප්‍රචලිතව ඇති තායිලන්තය වැනි ආසියානු රටවල බෞද්ධ සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
තායිලන්තය , යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව,ඇමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවල සංචාරකයින් සඳහා ද මෙම පහසුකම ලබා දීමට යෝජිතයි.
සංචාරක සංවර්ධන වනජිවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.