දකුණු පලාත් නි.පොලිස්පති විමර්ශන ඒකකයේ අවි සේප්පුවට CIDය මුද්‍රා තබයි.
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව, දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විමර්ශන ඒකකයේ අවි ගබඩා කර ඇති සේප්පුවට මුද්‍රා තබා තිබෙනවා..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙම මුද්‍රා තැබීම සිදුකර ඇතැයි සදහන්. එම විමර්ශන ඒකකයේ නිලධාරීන් පරිහරණය කළ ටී – 56 වර්ගයේ ගිනිඅවි මෙම සේප්පුව තුළ ගබඩා කර තිබෙනවා..
පශ්චාත් මරණ වාර්තාවෙන් පසු ගිනි අවි පිළිබඳ සැකයක් ඇතිවුවහොත් ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමුකිරීමට ද නියමිතයි.