ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මාකඳුරේ මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන්ගේ මොටර් රථයේත් කේරල ගංජා.

පසුගියදා ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සමාජිකයෙකු වු මාකදුරේ මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියෙකුවන රයන් වැන් රොවන් භාවිතා කළ මෝටර් රථය ඊයේ (08) සවස වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය මගින් සොයා ගෙන ඇත. මෙම මෝටර් රථය හමුවු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලිස් විසින් අත්අඩංගුවට ගත් සුරන්ජි සුද්දා නැමැති පුද්ගලයා බවය හෙළි වි ඇත.

රංගන ශිල්පි රයන් වැන් රොවන් විදේශ ගත විමට පෙර , දින කිහිපයක සිට සුරන්ජි සුද්දාට අයත් මෙම හෝටලයේ නැවති සිට දෙදෙනා හා එක්ව විදේශ ගත වි ඇති බව පොලීසිය සිදු කළ මුලික පරික්ෂන වලදි අනාවරණය වි ඇත. වැලිගම පොලිසිය විසින් සුරන්ජි සුද්දාගේ වැඩිමහල් සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කොට ගෙන ඇති අතර ඒහිදි ඔහු කියා ඇත්තේ මෙම මෝටර් රථය රයන් වැන් රොවන් පැමිණි මෝටර් රථය බවයි.

මෙම මෝටර් රථය පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ තිබි කේරල ගංජා මිලිග්‍රම්  5,750 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් මෝටර් රථයක් බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.