මැතිසබය විසුරුවා වහාම මහ ඡන්දයකට යා යුතුයි
රට වහාම ජාතික මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. ජවිපෙ නායකයා ‘ඉරිදා මව්බිම’ට සඳහන් කළේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික මැතිවරණය පැවැත්වීම සුදුසු අතර ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවය.
රට තුළ විශාල ව්‍යාකූලත්වයක් සහ අරාජිකත්වයක් මතුව ඇති බව පෙන්නා දෙන ජවිපෙ නායකයා 2015 ජනවරමට පිටුපෑම හේතුකොටගෙන ජනාධිපතිවරයාගේ වගකීම තවදුරටත් වලංගුද කියන ගැටලුව මෙන්ම එහෙට මෙහෙට ඔළු මාරු කොට සුළුතර ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ පැවතීම සහ පළාත් සභා 6ක කාලය ඉක්මවා තිබීමත් හරහා රට අකර්මණ්‍ය වී ඇති බව පෙන්වා දුන්නේය.
ඒ අනුව රට අරාජික තත්ත්වයෙන් මිදිය හැකි වන්නේ වහාම ජාතික මැතිවරණයක් පැවැත්වීම හරහා බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ වගකීම ජනාධිපතිවරයා අත පවතින නමුත් මේ මොහොතේ වඩාත් උත්සාහ කළ යුතු වන්නේ මහ මැතිවරණයක් වෙනුවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
අනුරාධා හේරත් – ‘ඉරිදා මව්බිම’